මෙරට ඩෙල්ටා ව්‍යාප්තිය ඉහළ යයි.. අගෝස්තු 01 වන දා සිට කරන්න යන දේ.
කොන්දේසි කිහිපයක් යටතේ අගෝස්තු මස 1 වැනිදා සිට පළාත් අතර මගී ප්‍රවාහන කටයුතු සීමිත ප්‍රමාණයකින් ආරම්භ කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
අමාත්‍යවරයා සදහන් කළේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික අංශයේ බස්රථ සීමිත ප්‍රමාණයක් පළාත් අතර ධාවනය කරවීටම පියවර ගන්නා බවයි.
ඒ අනුව කාර්යාල වේලාවන්හිදි පමණක් දිනපතා උදේ සහ සවස මේ ආකාරයට බස් රථ ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම සීමිත දුම්රිය සංඛ්‍යාවක් අගෝස්තු මස 1 වැනිදා සිට පළාත් අතර මගී ප්‍රවාහනය සදහා යෙදවීමට කටයුතු කරන බව දිලුම් අමුණුගම අමාත්‍යවරයා සදහන් කළේය.
රට තුළ මේ වන විට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තවෙමින් තිබෙන බැවින් ජනතාව පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීමේදී දැඩි ලෙස පරීක්ෂාකාරී විය යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.
මේ අතර රට තුළ කොවිඩ්19 රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් සහ එය පාලනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා කොවිඩ් මර්දන අංශ ගෙන ඇති තීන්දු තීරණ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම් සඳහා අද උදෑසන ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා.
එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් අදහස් ප්‍රකාශ කලා.
මේ වන විට රටේ තිබෙන තත්වය ගැන කිසිසේත් සතුටු වෙන්න පුළුවන් කමක් නෑ.
ඊයේ දිනයේ රෝගීන් 1900ක් වාර්තා වෙනවා මරණ 63ක් වාර්තා වෙනවා.
දැන්ම අපි පුරෝකථනයක් කළ යුතු නැහැ, නමුත් මේ තත්වය තව තවත් වර්ධනය වී හෙට දිනයේ රෝගීන් 2000ක් ඊළඟ දිනයේ රෝගීන් 2500ක් දක්වා ගියහොත් අපි අර මැයි මාසයේ සිටි බරපතළ තත්ත්වයට නැවත යාමට ඉඩ තිබෙනවා.
එම නිසා සංචාරක සීමාවන්ට ලබා දී තිබෙන නිදහස,ආර්ථික සමාජයීය වශයෙන් ලබාදී තිබෙන නිදහස, කාලෝචිතව විනයගරුකව භාවිතා කර රෝගය වැලඳීම අවම කර ගැනීමට කටයුතු කරන ලෙස ඉතාම බැගෑපත්ව ඉල්ලා සිටිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |