මෙරට ගහපු එන්නතක කවුරුත් නොදන්නා කතාවක් එළියට එයි..ගහපු අයට වෙන දේ මෙන්න.

Sri Lanka Covid vaccines Corona astrosenica Saara Gilbert
By Aruna Sep 14, 2021 06:34 AM GMT
Aruna

Aruna

Report

ඇස්ට්‍රසෙනෙකා දෙවැනි මාත්‍රාව ලබාගත් අයගේ රුධිරයෙන් සොයාගත් දේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගෙන වසරකට පසුත් ඉහළම ප්‍රතිශක්තියක් පවතින බව අනාවරණය වී තිබේ.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා එන්නත සොයා ගැනීමට දායක වූ විද්‍යාඥවරියක වන මහාචාර්ය ඩේම් සාරා ගිල්බර්ට් මෙම අනාවරණය කළාය.

ඇය මේ බව අනාවරණය කළේ මෙයට වසරකට පෙර එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගත් අයගේ රුධිර සාම්පල යොදාගනිමින් කරන අධ්‍යයනයක තොරතුරු මත පදනම් වෙමිනි.

මහාචාර්ය ගිල්බර්ට් මෙම ප්‍රකාශය කර ඇත්තේ එන්නතේ තුන්වැනි මාත්‍රාවක් දිය යුතුද, ඒ කවර පුද්ගලයන් සඳහාද යන්න ගැන එක්සත් රාජධානියේද සංවාදයක් කෙරෙමින් ඇති පසුබිම තුළයි.

එරට සිටින අතිශයින් දුර්වල ප්‍රතිශක්තියක් ඇති අයට තුන්වැනි මාත්‍රාවක් ලබා දිය යුතු බව එන්නත්කරණය සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව පසුගියදා තීරණය කර තිබිණි.

එක්සත් රාජධානිය තුළ එවැනි පුද්ගලයන් ලක්‍ෂ 5ක් පමණ සිටින බව සඳහන් වේ.

නමුත් කොවිඩ් 19 නිසා වැඩි තර්ජනයක් එල්ලවන වෙනත් කණ්ඩායම්වලට තුන්වැනි මාත්‍රාවක් ලබා දිය යුතුද යන්න පිළිබඳව තවම තීරණයක් ගෙන නැත.

මේ වනවිට එන්නත්කරණය සම්බන්ධයෙන් රටවල් අතර පවතින විෂමතා ගැනද මහාචාර්ය සාරා ගිල්බර්ට් අවධානය යොමු කර තිබේ.

සියලු රටවලට සමාන ආකාරයෙන් එන්නත් බෙදා හැරීමට හැකි වන සේ එන්නත් නිෂ්පාදනය ඉහළ දැමිය යුතු බවද ඇය සඳහන් කරයි.

එන්නත් දැඩි ලෙස අවශ්‍යව ඇති රටවලට ඒවා ලබා දීම සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු විය යුතුව ඇති බව ඇය අවධාරණය කර තිබිණි.

ඇතැම් අප්‍රිකානු රටවල තවමත් එන්නත් කර ඇත්තේ ඒ රටවල ජනගහණයන්ගෙන් සියයට 2ක් වැනි අඩු ප්‍රතිශතයක් බවද මහාචාර්යවරිය පෙන්වා දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now