රෝහල් ධාරිතාව ඉක්මවා යයි..ලංකාව දැඩි අවදානමක..

covid19 isolated quarantine travel restriction channa jayasumana
By Sewvandhi Jul 27, 2021 08:38 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මේ දිනවල කොවිඩ් රෝගීන්ගේ වාර්තාවීමත් සමග රෝහල් තුළ සැලසුම් කර තිබූ ඉඩකඩ බොහෝදුරට සම්පූර්ණ වී ඇති බව වාර්තා වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ අනුව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීමේදී පෙරට වඩා ඔක්සිජන් අවශ්‍යතාවය ද ඉහළ ගොස් ඇති බවය.

"මේ දවස්වල හමුවන රෝගීන්ගෙන් වෙනදාට වඩා වැඩි ප්‍රතිශතකයක් රෝග ලක්ෂණ සහිතව හමුවෙනවා කියලා අපිට පේනවා. ඒ වගේම වැඩි කොටසකට ඔක්සිජන් අවශ්‍යතාව වැඩිවෙලා තියෙනවා. මේ තත්ත්වය යටතේ, අපි සැලසුම් කරලා තිබුණු ඉඩකඩ බොහෝදුරට සම්පූර්ණ වෙලා කියලා වාර්තා වෙනවා රෝහල් කිහිපයකම. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් ගත් නියැඳිවලට අනුව ඩෙල්ටා ආසාදිතයින් 20% සිට 30% දක්වා ප්‍රතිශතයක තිබෙන බව වාර්තා වෙනවා. අනෙක් ප්‍රදේශවලත් අඩුවැඩි වශයෙන් මේ තත්ත්වය තිබෙන්න පුළුවන්."

මේ අතර රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ද සඳහන් කළේ මෙරට රෝහල් තුළ ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවේ ඉහළ යෑමක් පසුගිය දින කිහිපයේදී නිරීක්ෂණය වූ බවය. විශේෂයෙන්ම කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් එම තත්ත්වය වාර්තා වෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now