අද Covid මරණ වෙනස්ම අගයක

By Sithumi Oct 09, 2021 10:28 AM GMT
Sithumi

Sithumi

Report

ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 29  වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වන්න සිටිනවා.

ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 13,296  දක්වා ඉහළ යනවා

 එම මරණ අතරට කාන්තාවන් 11ක් සහ පිරිමි පුද්ගලයින් 18ක් අයත්ය.

මෙම මරණ 29 අතර අවුරුදු 30ත් 59ත් අතර පුරුෂයින් 4ක් සහ කාන්තාවන් දෙදෙනෙක් සිටිනවා.

වයස අවුරුදු 60ට වැඩි පුරුෂයින් 14ක් සහ කාන්තාවන් 9 දෙනෙකු ද මෙම මරණ 29ට අයත් වනවා. 

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 447ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 479,629ක් දක්වා ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now