අද දිනයේත් covid මරණ ඉතා ඉහළ අගයක

covid19 infections deaths shavendra silva hemantha herath
By Sewvandhi Sep 08, 2021 02:31 PM GMT
Sewvandhi

Sewvandhi

Report

තවත් කොවිඩ් මරණ 185ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (06) දින තහවුරු කර ඇති එම මරණ 185ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,689ක් දක්වා ඉහළගොස් ඇත.

ඊයේ තහවුරු කෙරුණු මෙම මරණ අතර කාන්තාවන් 83ක් සහ පිරිමි පුද්ගලයන් 102ක් වනවා.

මෙම මරණ අතර වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ එක් පිරිමි අයෙක් මෙම මරණ අතර වනවා.

අවුරුදු 30ත් 59ත් අතර මරණ 44ක් වාර්තාවී ඇති අතර කාන්තාවන් 19ක් සහ පිරිමි පුද්ගලයන් 25ක් ඊට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 140ක් වන අතර ඒ පිරිමි 76ක් සහ කාන්තාවන් 83ක් වශයෙන්.

එම නිවේදනය පහතින්...

කොරෝනා ආසාදනය වී ඇති තවත් පුද්ගලයින් 1,691 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 389,969ක්. තවදුරටත් පුද්ගලයින් 71,390 දෙනෙකු රෝහල්ගතව සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර, කොළඹ නගරය තුළ එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වූ නිසා මේ වන විට ආසාදිතයන්ගේ සහ මරණ වල සැළකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව කොළඹ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසනවා.

සාමාන්‍යයෙන් කොළඹ නගරයෙහි දෛනික ආසාදිතයින් 100 – 140ත් අතර වාර්තා වුණු අතර මේ වන විට එය ක්‍රමිකව අඩුවෙමින් පවතින බවද, දෛනිකව කොළඹින් 15ක් පමණ වාර්තා වුණු මරණ සංඛ්‍යාවද හරි අඩකටත් වඩා අඩුවී ඇතැයිද ඔහු පැවසුවා.

කොළඹ නගරය තුළ අවුරුදු 30ට වඩා වැඩි පිරිසෙන් 86%ක් අවම වශයෙන් එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බවද, මේ වන විට වාර්තා වන ආසාදිතයන්ගෙන් 55%ක් පමණ මෙම වයස් කාණ්ඩයේ අය බවද කොළඹ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අවධාරණය කළා.

මෙම මාරාන්තික රෝගයෙන් වැළකීමට සහ ඔබේ ආදරණීයයන් ඉන් වළක්වාගැනීමට නම් එන්නත් ලබාගැනීම අත්‍යාවශ්‍යයෙන්ම සිදුකරන ලෙස රුවන් විජයමුණි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery