කොවිඩ් මරණ ගණන 100 ට ආසන්නයි. වැඩිම මරණ ගණන අද
covid19
vaccine
isolated
infections
quarantine
By Sithumi
තවත් කොවිඩ් මරණ 98ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (5) දින තහවුරු කර ඇති එම මරණ 94ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4919දක්වා ඉහළගොස් ඇත.
මෙම මරණ අතර පිරිමි පුද්ගලයන් 54ක් සහ කාන්තාවන් 44ක් වනවා. අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ එක් පිරිමි පුද්ගලයෙක් මියගිය පිරිසට අයත්.
අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 27ක් මේ අතර වනවා. ඒ කාන්තාවන් 11ක් සහ පිරිමි 16ක් වශයෙන්. අවුරුද 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 70ක් තහවුරු කරනු ලැබූ මරණ 98ට අයත්.
ඒ පිරිමි 37ක් සහ කාන්තාවන් 33ක් වශයෙන්. මෙය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දෛනිකව තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාවයි.
_____________?????________________
You May Like This Video?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |