ඊයේ දිනයේ(15) කොවිඩ් මරණ ඉහළ අගයක
covid19
isolated
infections
deaths
quarantine
By Sewvandhi
ඊයේ (15) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 59ක් සිදුවී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (16) තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 2374ක් ලෙසටයි.
මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් 31ක් සහ කාන්තාවන් 28 දෙනෙකු වනවා.
ඒ අතර වයස අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙකු වනවා.
අවුරුදු 30ත් 59ත් අතර කාන්තාවන් 7 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 17 දෙනෙකු වන බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ.
අවුරුදු 60 සහ ඊට වැඩි කාන්තාවන් 21 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 17 දෙනෙකු මියගිය පිරිස අතර වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |