ළමුන්ට වැඩි අවදානමක් ඇති කොවිඩ් රැල්ලක්

covid19 isolated quarantine delta indian
By Sewvandhi Jun 17, 2021 10:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තවත් මාස කිහිපයකින් ළමුන්ට වැඩි අවදානමක් ඇති නව කොවිඩ් රැල්ලක් ඉන්දියාවෙන් මතුවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

කුඩා ළමුන්ට වැඩි බලපෑමක් එල්ල කරමින් ඉන්දියාව තුළ තෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වනු ඇතැයි ඉන්දීය කොවිඩ් පාලන කාර්ය සාධක බලකාය එම අනතුරු අඟවා ඇත.

තවත් මාස කිහිපයකින් ඇතිවිය හැකි මෙම ව්‍යාප්තියේ වැඩි බලපෑම එල්ලවිය හැක්කේ මහාරාශ්‍ට්‍ර ප්‍රාන්තයට බවද අනුමාන කරයි. ඔවුන් පවසන්නේ, රට තුළ වේගයෙන් පැතිරයන ඩෙල්ටා ප්ලස් (Delta plus) ප්‍රභේදය මීට හේතුවනු ඇති බවය.

මෙම රැල්ලේදී එක්වර සක්‍රීය රෝගීන් ලක්ෂ 8ක් පමණ වාර්තාවීමේ හැකියාවක් ඇතැයි ද එම වාර්තාවේ සඳහන් ය. ඉන් සියයට දහයක් පමණ එනම් 80,000ක් පමණ ළමුන් විය හැකි බවද එම ආයතනය පවසා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now