Covid ආසාදිතයින්ගේ වැඩිවීමක්..Omicron ප්‍රභේදය ගැනත් දැඩි අනතුරු ඇඟවීම්..
අද දිනයේ (09) මෙරටින් තවත් ආසාදිතයින් 508ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
ඒ අනුව මෙරටින් මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 570,436ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.
මේ අතර, ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව සහ යුරෝපය ඇතුළු රටවල සීඝ්‍ර ව්‍යාප්තියක් සිදුනොවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වාදෙන්නේ, දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පිළිබඳ මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇති බවය. එම වෛරසය ප්‍රතිශක්තීකරණ එන්නත්වලට ප්‍රතිචාර නොදැක්වුව ද බූස්ටර් එන්නතක් මඟින් ආරක්ෂාවීමේ හැකියාව පවතින බව ද එම අධ්‍යයනයෙන් හෙළි වී ඇති බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
කෙසේවෙතත් එම වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් ස්ථීර නිගමනයකට පැමිණීමට මෙතෙක් හැකියාව නොමැති අතර ඒ සඳහා තවත් කාලය සහ දත්ත අධ්‍යයනය කිරීමට අවශ්‍ය බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ අතර ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් ඊයේ (08) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්දර මහතා මෙසේ අදහස් පළ කළේය.
"දැන් වන විට මුළු ජනගහනයෙන් බැලුවත් 75%කට වැඩි පිරිසකට එක එන්නතක් හෝ ලබාදීලා තියෙනවා. ඊට අමතරව අපේ ඉලක්ක ගත කණ්ඩායම් බැලුවොත් වයස අවුරුදු 20ට වැඩි අය බැලුවොත් 100%ක් ම එන්නත ලබාගෙන. මේ අවුරුද්දේ අප්‍රේල්වල ඩෙල්ටා ප්‍රභේද රැල්ල ආව අවස්ථාවේ ප්‍රධාන වෙනසක් තියෙනවා අපේ එන්නත්කරණය මත. ඊට අමතරව ඒ අවස්ථාවේ දී තිබුණු ප්‍රභේදය, ඩෙල්ටා ප්‍රභේදයත් මේ අවස්ථාවේ දී තියෙන ඔමික්‍රෝන් ප්‍රභේදයත් අතර විශාල වෙනසක් තියෙනවා.
ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ දරුණුතාවය, සංකූලතා ඉතා ඉහළ බව අපි දැනගත්තා. දැනට සායනික වාර්තාවලින් පෙනෙන පරිදි ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා ඇතිවෙන රෝගය දරුණම රෝගයක් නොවන බව පෙනෙනවා. ඩෙල්ටා ප්‍රභේදය රෝගය පවතින දළ කාලසීමාව දින 8.5ක් යැයි සිතුවොත් ඔමික්‍රෝන් නිසා ඇති වෙන දළ කාලසීමාව 2.8ක් පමණ තමා ඔවුන් දක්වලා තියෙන්නේ. ඉතින් මේකෙනුත් පේනවා ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදයේ දරුණුතාවය හා සංකූලතා අඩුබව."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |