අද දින පළමු වතාවේම ආසාදිතයින් ඉහළ අගයක
අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,269 දෙනකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි .
එමෙන්ම, කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ 1,691 දෙනෙකු අද (08) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිතව සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 389,969ක් දක්වා ඉහළගොස් තිබේ.
මේ අතර, කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එරට වැසියන්ට දැනුම් දී තිබේ.
ඒ ශ්‍රී ලංකාව කොවිඩ් අවදානම සම්බන්ධයෙන් 4වන මට්ටමේ එනම් ඉහළම අවදානම් රටවල් අතරට නම් කරමිනි. ශ්‍රී ලංකාවට අමතරව ජැමෙයිකාව සහ බෘනායි යන රටවල් ද අමෙරිකාව විසින් ඉහළ අවදානම් රටවල් අතරට ඇතුළත් කර තිබේ.
අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂා කරන්නේ නම් පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයෙකු වියයුතු බව අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට ද වෛරසය ආසාදනය වීමේ හැකියාව මෙන්ම පැතිරවීමේ හැකියාව ද පවතින බව ඔවුන් පෙන්වාදී තිබේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |