ඊයේ දින කොවිඩ් ආසාදිතයින් තවත් ඉහලට
නව ආසාදිතයින් 1487 දෙනෙකු ඊයේ හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ අසු දහසේ සීමාව ඉක්මවා ගියා. එය දැක්වුණේ දෙලක්ෂ අසුහතරහස් හාරසිය දහනවයක් ලෙසයි.
ඊයේ වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් 1464 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර විදේශයන් හි සිට පැමිණි 23 දෙනෙකු ද නව ආසාදිතයින් ලෙස හදුනා ගැනුණා.
ඒ අනුව තවදුරටත් 20,792 නෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව දෙලක්ෂ හැට එක් දහස් අටසිය හතලිස් අටක්.
පෙරේදා සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද නව මරණ 48ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 3827ක් දක්වා ඉහළ ගියා.
එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙනිය වත්ත සහ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර - උතුර පොලිස් බල ප්‍රදේශයේ කුඩා වස්කඩුව - බටහිර ග්‍රාම නිලධාරී වසමට පනවා තිබූ හුදෙකලා භාවය අද උදෑසන 6 සිට ඉවත් කර තිබෙනවා.
සංචරණ සීමා ලිහිල් වීමත් සමඟ සුන්දරත්වය අත්විදීම සඳහා වෙරළ තීරයන්ට වැඩි වශයෙන් ජනතාව පැමිණීම ආරම්භ වී තිබෙනවා. කොරෝනා වසංගතය නිසා දීර්ඝ කාලයක් පාලුවට ගොස් තිබූ මීගමුව - ඒත්තුකාල සංචාරක කලාපයට ද ජනතාව මේ වන විට පැමිණෙමින් සිටින අතර ඇතැමුන් කොවිඩ් මාර්ගෝපදේශ පිළිබද සැලකීමක් නොමැතිව කටයුතු කරන බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
මේ අතර, ලොව පුරා කොරෝනා ආසාදිතයින් දහනව කෝටි 16 ලක්ෂ 85,803ක් ලෙස වාර්තා වනවා. මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ හතලිස් එක් ලක්ෂ 12,522ක් ලෙසයි.
එමෙන්ම යුරෝපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 50හේ සීමාවට පැමිණ ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |