ක්‍රිකට් කාර්ය මණ්ඩලයේ තවත් සාමාජිකයෙකුට කොවිඩ්

covid19 isolated infection quarantine cricket team
By Sewvandhi Jul 09, 2021 09:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ට ද මේ වන විට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. එනම් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා විශ්ලේෂක ශිරන්ත නිරෝෂණ හටයි. .

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණකරු ග්‍රාන්ට් ෆ්ලවර් කොවිඩ් ආසාදිත බවට ඊයේ (08) අනාවරණය විය.

ඔහු පසුගියදා නිමාවට පත්වූ ශ්‍රී ලංකා එංගලන්ත එක්දින සහ 20/20 තරඟාවලි සඳහා ද එක්විණි. මේ වනවිට එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙක් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

එංගලන්ත - ශ්‍රී ලංකා තෙවැනි එක්දින තරඟයෙන් අනතුරුව කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල එකට ගැවසී ඇති බවද වාර්තා වේ.

මේ අතර ග්‍රාන්ට් ෆ්ලවර් ට කොවිඩ් ආසාදනය වීම පිළිබඳ අදහස් දක්වමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසා සිටියේ, ඔහු කොවිඩ් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම කොවිඩ් ආසාදනය වීමට එක් හේතුවක් විය හැකි බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග අනුව ඊයේ දිනයේදී සිදුකළ PCR පරීක්ෂණ වල වාර්තාවන්ට අනුව එංගලන්ත සංචාරයට එක්වූ සෙසු ක්‍රීඩකයින් සහ පුහුණුකරණ අංශයේ සාමාජිකයින්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී තිබෙනවා.

කෙසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් මේ වනා විට නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන්ගේ තවත් PCR පරීක්ෂණයක් ලබන ඉරිදා සිදුකිරීමට නියමිතව ඇත.

ලබන අඟහරුවාදා ආරම්භ වීමට නියමිත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය සඳහා නව කණ්ඩායමක් සහභාගී කරවන්නේද එසේත් නැත්නම් එංගලන්ත සංචාරයට සම්බන්ධ වූ ක්‍රීඩකයින් එයට ඇතුලත් කරන්නේද යන්න සම්බන්ධයෙන් වන තීරණය ඉරිදා දිනයේ සිදුකරනු ලබන PCR පරීක්ෂණ අනුව සිදුකිරීමට නියමිතයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now