කොරෝනා ගැන අලුත්ම අනාවරණයක්..ලොව පුරා විද්‍යාඥයින් රැසක් අනතුරු අඟවයි.
Corona
Sri Lanka
World
Delta
Covid vaccines
By Aruna
ශීඝ්‍ර සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පූර්ණ එන්නත්කරණය ලද පුද්ගලයෙකුට වූවද ආසාදනය වීමේ හැකියාවක් පවතින බව ලොව පුරා විද්‍යාඥයින් රැසක් මේ වනවිට අනාවරණය කරගෙන අවසන්.
එලෙස සිදුකළ නවතම පර්යේෂණාත්මක අධ්‍යයනයක තොරතුරු නේචර් නැත්නම් ස්වභාව විද්‍යාත්මක සඟරාවේ පළකර ඇති අතර, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මග හැරීමේ හැකියාව එහි නැවතත් දක්වා තිබෙනවා.
එම වාර්තාව උපුටා දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයට එලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතිය මග හැරීමේ ඉහළ හැකියාවක් පවතින බවයි.
එබැවින් එන්නත්කරණයෙන් පසුවද කොරෝනා ආසාදනය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ වැදගත්කම ඔහු පෙන්වා දෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |