මුළු ගමකටම කොරෝනා පැතිර යයි...1200 කට වැඩි පිරිසක් හමුවෙයි.

Covid Corona Dabane Adiwaseen
By Aruna Sep 06, 2021 04:28 AM GMT
Aruna

Aruna

Report

දඹානේ ආදිවාසී ගම්මානයේ ආදිවාසී සාමාජිකයන් 1200කට ආසන්න පිරිසකට කොවිඩ් 19 වෛරසය වැළදී ඇති බව ආදිවාසී නායකයාගේ පුත් ඌරුවරිගේ මුතුබණ්ඩා ප්‍රකාශ කරයි.

පවුල් 46ක සාමාජිකයන් 1200කට මෙසේ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර ආසාදිතයින් සියලුදෙනා නිවෙස්වල නිරෝධායනය කොට ඇති බව ඔහු පවසයි.

වසංගතය දඹානේ පැතිරී යාම ආරම්භ වූ මොහොතේ සිට වෛද්‍ය කණ්ඩායම් දිගින් දිගටම දඹානට පැමිණෙමින් ඒ පිළිබද සොයා බැලූ බව ඔහු සඳහන් කරයි.

කොවිඩ් ආසාදනය වී සිටි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ බිරිඳ පෙරේදා(04) රාත්‍රියේ මිය ගියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now