මරණ ගණන 48% කින් ඉහළට...කොරෝනා වලින් ආරක්ෂා වෙන විදියත් කියයි.

Sri Lanka
By Aruna Aug 13, 2021 08:29 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා මරණ ප්‍රමාණය 48% කින් ඉහළ ගොස් ඇති බවත් මෙම මාසය ඉතාම අවදානම් බවත් කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

අද වන විට කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ද 30% කින් ඉහළ ගොස් ඇති බව දපවසන ඇමතිනිය මෙම පවතින අවදානම් තත්ත්වයෙන් ජනතාව හොඳින් තේරුම් ගෙන අත්‍යවශ්‍ය කාරණාවක් හැර නිවසින් එළියට නොයන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසුවාය.

කොරෝනා මර්දනය සඳහා ඇති එකම ප්‍රතිකර්මය රෝගය වැළඳීම වළක්වා ගැනීම බවත් පැවසූ ඇය රජයේ හෝ කවුරුන් හෝ නීති දමන තෙක් බලා නොසිට තමන් ආරක්ෂා විය යුතු බවද කියා සිටියාය.

තම පවුල ආරක්ෂා කර ගැනීමේ වගකීම ඇත්තේ තමන් අතේ බවත් අනවශ්‍ය ගමන්බිමන් සියල්ල නවතා දමන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඇමතිනිය තවදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now