තත්ත්වය දරුණු වෙයි.. එන්නත් මාත්‍රා 03ක්..ලැබෙන කණ්ඩායම මෙන්න.

Covi
By Aruna Aug 13, 2021 06:02 AM GMT
Aruna

Aruna

Report

දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත ඇතැම් පුද්ගලයන් සඳහා ෆයිසර් හෝ මොඩර්නා කොරෝනා එන්නත් කොරෝනා එන්නත් 3 වන මාත්‍රාවක් ලබා දීම යෝග්‍ය බවට ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ එන්නත් දෙක සඳහා ලබාදී ඇති හදිසි භාවිත අනුමැතියේ යාවත්කාලීන කිරීමක් ලෙසයි එම අනුමැතිය ලබාදී ඇත්තේ.

විශේෂයෙන් අවයව බද්ධ කිරීම් සිදුකළ හෝ වෙනත් එවැනි ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපාන වෙනස්කම්වලට භාජනය වූ පුද්ගලයන්ට මෙය අදාළ වන බවයි ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය සඳහන් කළේ.

එමගින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ සී.ඩී.සී. හෙවත් ඇමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ ආයතනයේ උපදේශක කමිටුව මගින් තුන්වන කොරෝනා එන්නත්කරණ මාත්‍රාවක් පිළිබඳ තීරණයකට සැරසෙද්දීයි.

කෙසේ නමුත්, වෛද්‍ය විද්‍යාඥයන් බහුතරයක් පෙන්වා දෙන්නේ තුන්වන වර්ධක එන්නත් මාත්‍රාවක අවශ්‍යතාව දත්ත මගින් තහවුරු නොකරන බවයි.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ කෙරුණු මෙම අනාවරණය ට්විටර් පණිවුඩයක් මගින් සටහන් කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ද දරන්නේ එවැනි මතයක්.

කෙසේ නමුත්, ඊශ්‍රායලය ඇතුළු රටවල් කිහිපයක් දැනටමත් තුන්වන වර්ධක මාත්‍රාව ලබාදීම ආරම්භ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now