නව කොරෝනා ආසාදිතයින් 1,666 දෙනා හමුවුණේ මෙහෙමයි..

Colombo Galle Gampaha Kaluthara Covid patient
By Aruna Jul 26, 2021 06:00 AM GMT
Report

ඊයේ (ජූලි 25) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,666 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඉන් 10 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෝ වෙති.

ඊයේ (ජූලි 25) මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 360කි.

තව ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 256 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 172 දෙනෙකු හඳුනාගෙන ඇත.

එමෙන් ම,අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 170 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ආසාදිතයින් 139 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී තිබේ.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (ජූලි 25) කොවිඩ් මරණ 45ක් සිදු වූ බවට තහවුරු කර තිබේ.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,099ක් දක්වා ඉහළ ගොස් ඇත.

ආසාදිතයින් හමුවූ ප්‍රදේශ ද සමග සියලු තොරතුරු පහත දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery