දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එන්නත්කරණයට දිගු පෝලිමක්.(PHOTOS)
Covid
Police
Army
Dabulla economic center
Covid vaccines
By Aruna
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරුවන්, වෙළෙඳ සේවකයන් සහ ව්‍යාපාරිකයන් 1,610 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබාදීම අද (27) දින පෙරවරුවේ ආරම්භ කර තිබේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වේ. මීට පෙර අවස්ථා කිහිපයකදීම මතුවූ කොවිඩ් අවදානම හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමටද සිදුව තිබුණි.
ඒ අනුව පවතින අවදානම සලකා මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර ඇත. මේ අතර අද දිනයේ සිට ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
යුද හමුදාපතිවරයා සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වසංගත රෝග විද්‍යා අංශය නිර්දේශ කරන ප්‍රදේශවල ජනතාවට මෙහිදී එන්නත් ලබාදීම සිදු කරන බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



