දරුණු කොවිඩ් ප්‍රභේදයත් සමඟ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පැනවෙයි.

Covid Corona British
By Aruna Nov 28, 2021 02:42 AM GMT
Aruna

Aruna

Report

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගැනුණු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සහිත ආසාදිතයින් දෙදෙනෙකු බ්‍රිතාන්‍යයෙන් හඳනාගෙන තිබේ.

අදාළ ප්‍රභේදය සහිත ආසාදිතයින් බ්‍රිතාන්‍යයෙන් හමු වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

එසෙක්ස් සහ නොටින්හැම් ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සහිත ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් දකුණු අප්‍රිකාවේ සංචාරය කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම නව කොවිඩ් ප්‍රභේදය රටතුළට ඇතුල් වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය තුළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පැනවීමට එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ලබන සතියේ සිට පොදු ප්‍රවාහනයේදී සහ වෙළෙඳසැල් ඇතුළු පොදු ස්ථාන තුළදී මුව ආවරණ පැළදීම අනිවාර්ය කර ඇති අතර බ්‍රිතාන්‍යයට පැමිණෙන සියලු දෙනා පී.සී.ආර් පරීක්ෂණයට ලක්කිරීමට තීරණය කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now