ජවිපෙයි පෙරටුගාමීනුයි ඇවිලුණු පක්ෂ කාර්යාලේ තීන්දුව දෙන දිනේ මෙන්න
ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් අතර ගම්පහ යක්කළ පාරේ පක්ෂ කාර්යාලයක් මුල් කොට ගනිමින් ඇතිවූ ගැටුමට හා සම්බන්ධ නඩුවේ තීන්දුව එළඹෙන 2 වැනි දා ප්‍රකාශයට පත් කරන බව ගම්පහ අතිරේකක මහේස්ත්‍රාත් ධම්මික උඩුවේ විධාන මහතා දැනුම් දී තිබෙනවා.
ඒ අනුව එම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය නඩුවට අදාළ දිවුරුම් ප්‍රකාශය ගොනුකර ඇත.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය මින් පෙර ඔවුන්ගේ දිවුරුම් ප්‍රකාශය ගොනුකර තිබුණා.
මේ වෙන විට අධිකරණයේ නියෝගයක් මත යක්කල පොලිසිය භාරයට පත්කර ඇති එම කාරයාලයේ අයිතිය සම්බන්ධයෙන් එම පක්ෂ දෙකෙහි ආධාරකරුවන් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් පොලිසිය මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.