මම වරදක් කරලා නෑ මගේ දරුවෝ වරදක් කරලත් නෑ අපි බය නෑ - මූල්‍ය අපරාධ විමර්ශනයට ආ ජොන්ස්ටන් කට අරියි

Report

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබේ. ඒ මහතාට අද (05) දිනයේදී එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඔහු,

"මට මේක පුරුදු තැනක්, මේක අලුත් තැනක් නෙවෙයි. මේක සම්පූර්ණ දේශපාලන පළිගැනීමක්.මේ මුළු පවුලක්ම හිරකරන්න හදන්නේ. කිසිම සාක්කියක් නැතුව අවුරුදු 10ක් විතර පැරණි නඩුවකට මගේ දරුවෝ දෙන්නව අරගෙන ඉවරවෙලා මාව අරගෙන අලුත් අවුරුද්ද ලබනකොට එක දවසේ කරපු සැලසුමක් වෙන දෙයක් නෙවෙයි. මේවට ලක්ෂ ගණන් වියදම් කරන ආණ්ඩුවක්.

මගේ දරුවෝ දෙන්නා වරදක් කරලත් නෑ මම වරදක් කරලත් නෑ මේකට අපි බය නෑ අපිව බය කරන්න හම්බවෙන්නේ නැහැ."

යනුවෙන් අදහස් දක්වා ඇත.

හිටපු ඇමති ජොන්ස්ටන් FCIDයට භාර වෙයි

හිටපු ඇමති ජොන්ස්ටන් FCIDයට භාර වෙයි

එමන්ම පසුගිය දා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සතොස යටතේ පැවති ලොරි රථයක් සහ තවත් වාහන කිහිපයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. එමෙන්ම වැටුප් හා දීමනා ලබාගැනීමේ දී අවභාවිතයක් සිදුව ඇති බවට ද සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වීම හේතුවෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී මත්පැන් බෝතල් 109ක් සමග කාන්තාවක් කොටු

නීති විරෝධී මත්පැන් බෝතල් 109ක් සමග කාන්තාවක් කොටු