හිටපු ජනාධිපතිවරයාගේ වත්කම් රාජසන්තක කිරීමට නියෝගයක්!
World
Sinhala news
By Shehan
කොංගෝ ජනරජයේ රජය නිවේදනය කළේ හිටපු ජනාධිපති ජෝසප් කබිලාගේ දේශපාලන පක්ෂය අත්හිටුවීමට සහ ඔහුගේ වත්කම් රාජසන්තක කිරීමට නියෝග කර ඇති බවයි.
වයස අවුරුදු 53 වන ඔහුට එරෙහිව ඇතිවූ විශාල විරෝධතාවලින් පසුව ඔහු ධුරයෙන් ඉවත් කරන ලදී.
මේ අතර, කොංගෝ ජනරජයේ ක්‍රියාත්මක වන එම්.23 නම් සන්නද්ධ කල්ලියට සහයෝගය ලබාදුන් බවට චෝදනා එල්ල වීම හේතුවෙන් ඔහුගේ පක්ෂය අත්හිටුවා ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ සමගම, රාජ්‍යද්‍රෝහී ක්‍රියාවල නිරත වීම හේතුවෙන් ඔහුගේ දේපළ පැහැරගැනීමට නියමිත බව එරට අධිකරණ අමාත්‍යාංශය සඳහන් කර ඇත.
කෙසේ වුවද, මෙය ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බව හිටපු ජනාධිපති ජෝසෆ් කබිලා පවසා ඇත.
