Onmax DT ගැන අධිකරණයෙන් අද දුන් නියෝගය..
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්, ඔන්මැක්ස් ඩී.ටී. පිරිමිඩ සමාගමේ ආයෝජනය කළ තැන්පත්කරුවන්ගේ මුදල් අහිමිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කොට ඒ පිළිබඳ වැඩිදුර වාර්තාවක් අගෝස්තු මස 07 වනදා ඉදිරිපත් කරන ලෙස නියම කළා.
අද (09) මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී අදාළ සමාගමේ අධ්‍යක්ෂවරු විසින් එම සමාගමේ මුදල් තැන්පත් කළ තැන්පත් කරුවන් පිළිබඳ විස්තර සහ ඊට අදාල දත්ත අධිකරණයට ඉදිරිපත් කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සඳහන් කළේ, මේ හා සමාන ආයෝජන ක්‍රම දෙකක් නීති විරෝධි ආකාරයෙන් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවයි.
ඒ පිළිබඳව විමර්ශන සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා ඊට අදාළ සැකකරුවන් සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.
ඉන් අනතුරුව පැමිණිල්ල අගෝස්තු මස 07 වන දා කැඳවන ලෙසත් නියම වුණා.
