කිසි විටෙකත් මේවා කරන්න එපා - රජයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලවලට නව අතුරු මාර්ගෝපදේශ

Report

තොරතුරු තාක්ෂණ මෙවලම් භාවිතය සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය රජයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලවලට නව අතුරු මාර්ගෝපදේශ ලබා දී ඇත.

එසේ ලබා දී ඇත්තේ නිවසේ හෝ සේවා ස්ථානයේ සිට ප්‍රධාන පරිපාලන කටයුතු සිදුකිරීමට අනුමත ක්‍රමවේද කිහිපයක් බව වාර්තා වේ.

එසේම මෙම කටයුතුවල දී සේවාලාභී පණිවුඩ යෙදුම් ඔස්සේ කිසි විටෙකත් සංවේදී රජයේ දත්ත නොයවන ලෙසට උපදෙස් දී ඇති බව සඳහන්.

විශේෂයෙන් අඳාළ මාර්ගෝපදේශයන්හි රාජකාරිවලට අදාළ තොරතුරුවල ආරක්ෂාව දැඩි ලෙස සුරැකීම සඳහා වන ක්‍රියාමාර්ග ගැනීමට දෙපාර්තමේන්තු ප්‍රධානීන් දිරිමත් කෙරෙන බවත් දැක්වෙයි.

ලෝක වෙළඳපොළේ ගෑස් මිල පහළට

ලෝක වෙළඳපොළේ ගෑස් මිල පහළට

ඒ අනුව මහාපරිමාණ සහ ඉතා සංවේදී කටයුතු වෙනුවෙන් වන රජයේ රැස්වීම් සඳහා http://meet.gov.lk යන ඩිජිටල් වේදිකාව නිරේදේශ කර තිබෙන බවත් ආරක්ෂිතව සහ කාලසීමාවන් නොමැතිව රැස්වීම් පැවැත්වීමට මෙම ඩිජිටල් වේදිකාව යොදා ගත හැකි බවත් එහි ඇතුළත්.

තවද රජයේ නිලධාරීන්ට හා කාර්ය මණ්ඩලවලට GovTech Sri Lankaහි උපකාරක සේවාව අමතා මෙම ඩිජිටල් වේදිකාවට ප්‍රවේශ වීමට තම ආයතනය හෝ අංශය සඳහා පිවිසුමක් ලබාගැනීමට හැකියාව ඇති අතර උපකාරක සේවා අංකය 0112 497900 වේ.

ඊට අමතරව දුරස්ථ කාර්යයන් සඳහා ඉලෙක්ට්‍රොනික ලේඛන සහ අත්සන් භාවිතයට අදාළ මාර්ගෝපදේශ ද මීට ඇතුළත් වේ.

මැයි පළමුවැනිදා සිට මත්පැන් මිල ඉහළට

මැයි පළමුවැනිදා සිට මත්පැන් මිල ඉහළට

ප්‍රංශ ණය ගෙවීමේ රහස් ලේඛනත් අතුරුදහන්

ප්‍රංශ ණය ගෙවීමේ රහස් ලේඛනත් අතුරුදහන්