තවත් QR කේතයක් - භාවිත කරන ආකාරය ගැන මහජනතාව දැනුවත් කිරීමට උපදෙස්

Report

ශ්‍රී ලංකා පොලිසිය මඟින් සපයනු ලබන සේවාවන් පිළිබඳ මහජන අදහස්, පැමිණිලි, ප්‍රශංසා සහ යෝජනා ලබා ගැනීමට නව QR කේත පද්ධතියක් හඳුන්වා දී ඇත. එබැවින් දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථානවල සේවාවන් සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රතිචාර සෘජුව ලබා ගැනීමට “Sri Lanka Police Community Feedback Portal” නමින් Online Digital Platform එකක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමඟින් පුරවැසියන්ට තම අදහස්, පැමිණිලි, ප්‍රශංසා හෝ යෝජනා පහසුවෙන් ඉදිරිපත් කිරීමට හැකි වේ.

එසේම එම තොරතුරු විශ්ලේෂණය කර ජනතාව කේන්ද්‍ර කරගත් වඩාත් කාර්යක්ෂම පොලිස් සේවාවක් සැපයීම මෙහි අරමුණ බව පොලිසිය පවසයි.

මෙහිදී මෙම QR කේතය භාවිත කිරීමේදී ජනතාවට අදහස, පැමිණිල්ල, ප්‍රශංසාව හෝ යෝජනාව යන අංශයන්ගෙන් අදාළ විකල්පය තෝරා ගැනීමට හැකි අතර, අවශ්‍ය නම් පුද්ගලික තොරතුරුද ඇතුළත් කළ හැකි බව සඳහන්.

උදෑසන 5.30 දිවයිනටම නිකුත් කළ නිවේදනය - අද 2න් පසු වෙන දේ

උදෑසන 5.30 දිවයිනටම නිකුත් කළ නිවේදනය - අද 2න් පසු වෙන දේ

එසේම පොලිස් ස්ථානයට පැමිණි කාරණය, සිද්ධිය හෝ අදහස පිළිබඳ විස්තරද අදාළ පද්ධතියට ඇතුළත් කිරීමට පහසුකම් සලසා ඇත.

පොලීසිය සඳහන් කරන්නේ ඊට අමතරව ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවියේ E-Services වෙත පිවිස Community Feedback Portal ඔස්සේ ද මහජනතාවට සිය ප්‍රතිචාර ලබාදිය හැකි බවයි.

මේ අතර සියලුම පොලිස් ස්ථානවල මහජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථාන වන පිළිගැනීමේ අංශ සහ චෝදනාගාර ආසන්නයේ මෙම QR කේත පුවරු ස්ථාපිත කිරීමට නියමිතයි.

ඒ අනුව මෙම සේවාව සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත පැමිණෙන ජනතාව දැනුවත් කරන ලෙසත්, අවශ්‍ය අවස්ථාවලදී එම පහසුකම භාවිත කිරීමට මඟ පෙන්වන ලෙසත් පොලිස්පතිවරයා විසින් සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 

ලෝක රන් මිලේ දැවැන්ත පෙරළිය සමඟ ලංකාවේ රන් මිලත් උඩුයටිකුරු වෙයි - අහස උසට නැග්ග අද රන් මිල මෙන්න

ලෝක රන් මිලේ දැවැන්ත පෙරළිය සමඟ ලංකාවේ රන් මිලත් උඩුයටිකුරු වෙයි - අහස උසට නැග්ග අද රන් මිල මෙන්න

ත්‍රීරෝද රථ ඉන්ධන කෝටාව 36 දක්වා වැඩි වෙයිද?

ත්‍රීරෝද රථ ඉන්ධන කෝටාව 36 දක්වා වැඩි වෙයිද?