ත්‍රීරෝද රථ ඉන්ධන කෝටාව 36 දක්වා වැඩි වෙයිද?
ඉදිරියේදී ඇතිවිය හැකි බවට කාලගුණ අනාවැකි පළ කර ඇති එල් නිනෝ කාලගුණික තත්ත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා ආහාර සුරක්ෂිතතාව, ජල කළමනාකරණය සහ බලශක්ති කළමනාකරණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඊයේ(16) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
රැස්වීමේදී විමධ්‍යගත අයවැය වැඩසටහන්, ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති, ආපදා අවම කිරීමේ වැඩසටහන්, ප්‍රජාශක්ති වැඩසටහන සහ රේඛීය අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති ඇතුළු 2026 වසර සඳහා ක්‍රියාත්මක වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු කෙරිණි.
මෙහිදී ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණු අතර, කොළඹ දිස්ත්‍රික්කය සඳහා ක්‍රීඩා අනුකමිටුවක් පත් කිරීමට තීරණය කෙරිණි. එම අනුකමිටුව හරහා ඉදිරි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කළේය.
ග්‍රාමීය පාසල්වල ක්‍රීඩා කටයුතු සංවර්ධනය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.
එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට සෘජුව මෙන්ම ගෝලීය වශයෙන්ද බලපෑම් එල්ල විය හැකි බැවින් ඒ සඳහා කල්තියා සූදානම් වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, ජල සම්පත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවද සඳහන් කළාය.
එසේම, ප්‍රජාශක්ති වැඩසටහන යටතේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා ප්‍රවේශ පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අදහස් දැක්වූ ඇය, දිවා සුරැකුම් මධ්‍යස්ථාන, වෘත්තීය පුහුණු වැඩසටහන් සහ වැඩිහිටි ප්‍රජාව සඳහා ප්‍රජා මූලික සේවා තවදුරටත් සංවර්ධනය කිරීම කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව පැවසුවාය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර ඇතුළු මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.