රුපියල් 1,000 සේ ව්‍යාජ නෝට්ටු රැසක් හමු වෙයි..
                    
                Police
            
                    
                counterfeit-1000-notes
            
                    
                Rangala
            
            
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවන් දෙදෙනෙකුව රංගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රංගල පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (04) සිදුකළ වැටලීමකදී උඩවෙල හංදිය අසලදී එක් සැකකරුවෙකු ව්‍යාජ රුපියල් 1,000 නොට්ටු 2ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී තවත් සැකකරුවෙක් ව්‍යාජ රුපියල් 1,000 නොට්ටු 50ක් සමග රංගල නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් වයස අවුරුදු 35 සහ 46ක් වු උඩිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  |