සමුපකාර ව්‍යාපාරයේ බරපතළ වංචා සහ දූෂණ රැසක් ඇමති වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී හෙළි කරයි. [VIDEO]

Report

මෙරට සමුපකාර ව්‍යාපාරය තුළ බරපතළ අක්‍රමිකතා, මුදල් අවභාවිත කිරීම්, වංචා සහ දූෂණ රැසක් සිදුව ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සමුපකාර ව්‍යාපාරය තුළ සිදුවන මුදල් අවභාවිත කිරීම් සම්බන්ධයෙන් තමන් වෙත දෛනිකව පැමිණිලි ලැබෙන බවයි.

''ඔබතුමා ඇහුවා වගේම අපේ රටේ සමුපකාර ව්‍යාපාරය තුළ බරපතල අක්‍රමිකතා, අවභාවිතා, වංචා, දූෂණ විශාල ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා. මා වෙත දෛනිකව ලැබෙන පැමිණිලි ගරු කථානායකතුමනි, මේ සමුපකාර ව්‍යාපාරයේ මුදල් අවභාවිතාව... මේ අවභාවිතාව සරල නැහැ. මේ බත්තරමුල්ලේ තියෙන සණස සමිතියත් ගිය සතියකට කලින් ඇවිල්ලා,මාත් එක්ක දැන් ඊයෙත් ආවා පිරිසක් හම්බවෙන්න ඒගොල්ලන්ගේ තැන්පතු ගන්න මිලියන 384ක් සණස සමිතිය තැන්පතු ආපහු දෙන්නේ නැහැ. දැන් මේ සමුපකාර සමිති අයිති පළාත් සභා විෂය යටතට නමුත් අපිට, මධ්‍යම රජයේ අපිට තියෙන්නේ සමුපකාර දෙපාර්තමේන්තුව යටතේ තියෙන සමිති 74ක් පමණයි.

හැබැයි ලංකාව පුරා තියෙන සණස සමිති 1,700ක්, විවිධ සේවා... සමුපකාර සමිති 309ක් ඇතුළු විවිධ සමිති තියෙනවා 11,000කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා මේ සමිතිවල ක්‍රියාකාරීත්වයට යොදවන්න තියෙන නිලධාරීන් ගත්තහම... අපේ මධ්‍යම රජයේ සමුපකාර දෙපාර්තමේන්තුවත් පළාත් සමුපකාර දෙපාර්තමේන්තු වලත් බරපතල ප්‍රශ්නයක් අපිට තියෙනවා නිලධාරී හිඟයක්, මොකද පහුගිය කාලේ බඳවාගෙන නැහැ. ඒ නිසා ඔබතුමා අහන ප්‍රශ්නයට මට කෙටියෙන් කිව්වොත් උත්තරේ, ඔව් අපි සියලු සමුපකාර විගණනය කරලා විමර්ශනය කරලා ඒ මහජනතාවට අයිති... දේපල වංචාවට සම්බන්ධ වූ සියලු දෙනාට දඬුවම් දෙන්න කටයුතු කරනවා. ඒ අතර සයින්දමරුදු සමුපකාර සමිතියත් ඒ විශේෂ විමර්ශනයට ලක්කරන්න අවශ්‍ය කටයුතු කරනවා .''

මගේ සේවාදායකයා කිසිදු වරදක් කර නැහැ.. ඇප දෙන්න බෑ කියන්න බෑ - රිමන්ඩ් කළ නාමල් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි කරුණු දක්වයි

මගේ සේවාදායකයා කිසිදු වරදක් කර නැහැ.. ඇප දෙන්න බෑ කියන්න බෑ - රිමන්ඩ් කළ නාමල් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි කරුණු දක්වයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 2027 අයවැය විවාදයේ සිව්වැනි දිනය අද

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - 2027 අයවැය විවාදයේ සිව්වැනි දිනය අද