රතකල්කය ගන්නා අයට කොරෝන හැදෙන්නේ නැහැ

Covid-19
By Thaya Apr 03, 2021 08:04 PM GMT
Thaya

Thaya

Report

කුඩා කාලයේදී රතකල්කය ලබාගත් පුද්ගලයන්ට කොරෝනා වයිරසය ආසාදනය නොවන බවට මෑතකදී කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි සඳහන් කළේය. රෝගය ආසාදනය වූ හා රෝගය ආසාදනය නොවූ පුද්ගලයන් 100 දෙනකු අහඹු ලෙස තෝරා ගනිමින් කරන ලද ප්‍රශ්න කිරීමකදී තහවුරු වී ඇත්තේ කොවිඩ් ආසාදනය නොවූ පුද්ගලයන්ට කුඩා කාලයේදී රතකල්කය ලබාදී ඇති බවයි.

රෝගය ආසාදනය වූ පුද්ගලයන්ට කුඩා කාලයේදී රතකල්කය නොදී ඇති බවත් ඇමැතිවරයා කියයි. මෙම සොයා බැලීම තවදුරටත් පුළුල් කරමින් දිවයින පුරා ව්‍යාප්ත කරලමින් සොයා බැලීමට කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය. මෙම පරීක්ෂණයෙන් දේශීය ඖෂධයන්ගේ ගුණාත්මක භාවය මනාව පැහැදිලි වන බවත්, එය තව තවත් වර්ධනය කිරීමට අවශ්‍ය සියලුම පියවර ගන්නා බවත් හෙතෙම අවධාරණය කළේය