කොවිඩ් වෛරසයේ කොටසක් අරන් හදන එන්නතට වඩා අනිත් එක ආරක්ෂාකාරී..හොඳම එක මේකද?

Corona Vaccines Fizer vaccine Thissa withaana Synofirme
By Aruna Sep 06, 2021 03:55 AM GMT
Aruna

Aruna

Report

දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට කඩිමුඩියේ තීරණ නොගත යුතු බවත්, එය නිසි අධ්‍යයනයකින් සිදුකළ යුතු බවත් වෛරස් රෝග පිළිබඳව විශේෂඥ මහාචාර්ය තිස්ස විතාරණ මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.

දරුවන් සඳහා “ෆයිසර්” එන්නත ලබාදීමට යන බව ප‍්‍රකාශ වන බවත්, එසේ සිදුකරන්නේ නම් එය නිසි අධ්‍යයනයකින් පසුව සිදුකළ යුතු බවයි ඒ මහතා පැවසුවේ.

මේ වන විට ඇමෙරිකාව පවා දරුවන්ට “ෆයිසර්” එන්නත ලබාදීම ගැන අධ්‍යයනය කරමින් සිටින බවත්, එවැනි තත්ත්වයක් තුළ අපේ රටේ අනාගතය භාර ගැනීමට සිටින දරුවන්ට එම එන්නත ලබාදීමට හදිසි නොවිය යුතු බවත් මහාචාර්යවරයා අවධාරණය කළා.

“ෆයිසර්” එන්නත කොවිඩ් වෛරසයේ කොටසක් ගෙන සකස් කරනු ලැබුවත්, “සිනොෆාම්” එන්නත අක‍්‍රීය කරන ලද කොවිඩ් වෛරසය උපයෝගී කරගෙන නිපදවන ලද්දක් නිසා “ෆයිසර් එන්නතට වඩා “සිනොෆාම්” එන්නත යම් ආරක්‍ෂාකාරී විය හැකි බවට තමා පෞද්ගලිකව විශ්වාස කරන බවද තිස්ස විතාරණ මහතා සඳහන් කරනවා.

දැනට කොවිඩ් සඳහා භාවිත කරන එන්නත් සියල්ලම හදිසි අවශ්‍යතාව සඳහා භාවිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අවසරදී ඇති බවත්, ඉදිරියේදී නව වෛරස් ප‍්‍රභේද ඇතිවුවහොත් ඒවායෙන්ද ආරක්‍ෂා විය හැකි එන්නත් ඉදිරිපත් විය හැකි නිසා රටේ අනාගත පරපුරට එන්නත් ලබාදීමට කඩිනම් නොවිය යුතු බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now