කොරෝනා ව්‍යාප්තිය දරුණුයි.. දෛනික ආසාදිතයන් 1000 පැන්වීම ආසන්නයි.. රෝහල් ඇදන් පිරී යමින්..

Corona
By Thaya Jan 26, 2021 06:11 PM GMT
Report

අද වන විට බස්නාහිර පළාතේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම වේගයෙන් ඉහල යමින් පවතින බවත් වැඩි දිනක් ගත වෙන පෙර දෛනික ආසාදිතයන් දහස ඉක්මවා යාමේ දැඩි අවදානමක් ඇතැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට අපොහොසත් වී ඇති බවට මෙය කදිම උදාහරණයක් බවද පෙන්වා දෙන සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා මෙම තත්ත්වය මත ඉදිරියේදී ආසාදිතයන් සඳහා රෝහල්වල ප්‍රමාණවත් ඉඩක් නොමැති වීමේ අවදානමක් ඉස්මතු වෙමින් ඇති බවයි.

වෛරස් ව්‍යාප්තිය උග්‍ර අතට හැරී ඇතැයිද පවසන ඔහු මෙම භයානක තත්වය නිර්මාණය වීම පිළිබඳව ජනතාවට සත්‍යය හෙළි කළ යුතු ඇතැයිද කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.