කොළඹ වරායේ සිරවූ බඩඉරිඟු තොගයෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය අඩාලයි

By Shehan Jan 17, 2026 02:30 AM GMT
Report

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ආනයනය කරන ලද බඩඉරිඟු මෙට්‍රික් ටොන් 2,800ක තොගයක් කොළඹ වරායේ සිරවී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතු මාස ගණනාවක් තිස්සේ අඩාල වී ඇති බවද වාර්තා වේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබාදුන් කොන්දේසි අනුව, බඩඉරිඟු මෙට්‍රික් ටොන් 4,800ක් ආනයනය කිරීම සඳහා “KST එවර්ග්‍රීන් ප්‍රයිවට් ලිමිටඩ්” ආයතනයට පසුගිය වසරේදී ටෙන්ඩරයක් ප්‍රදානය කර තිබේ.

එම ටෙන්ඩරය ලබාදී ඇත්තේ බලපත්‍ර ලබාදුන් දිනයේ සිට දින 45ක් ඇතුළත බඩඉරිඟු තොගය සපයා අවසන් කිරීමට යටත්වය. කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් විසින් 2025.10.16 දින ලිපියක් මගින් මෙය දන්වා ඇති අතර, ආනයන අපනයන ජනරාල් විසින් 2025.11.27 සිට 2026.01.13 දක්වා වලංගු ආනයන බලපත්‍ර දෙකක් නිකුත් කර තිබේ. මෙම තොගය නියමිත කාලය තුළ සැපයීම සඳහා රුපියල් මිලියන 700ක කාර්ය සාධක ඇපකරයක්ද අදාළ සමාගම විසින් ලබාදී ඇත.

වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් තීරණයක්

වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් රජයෙන් තීරණයක්

ගෙන්වීමට නියමිතව තිබූ බඩඉරිඟු මෙට්‍රික් ටොන් 4,800ක තොගයෙන් මෙට්‍රික් ටොන් 2,800ක තොගයක් මුලින්ම මෙරටට ගෙන්වා තිබේ. එය ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් කිරීමට යාමේදී කැබිනට් අනුමැතියකින් තොරව තොගය නිදහස් නොකරන ලෙස ආනයන අපනයන ජනරාල් විසින් නියෝග කර ඇති බව පැවසේ. මේ හේතුවෙන් ඉතිරි තොගය ගෙන්වීම නැවැත්වීමට අදාළ සමාගම කටයුතු කර තිබේ.

වරායේ සිරවී ඇති බඩඉරිඟු තොගය සඳහා රැඳවුම් ගාස්තු ගෙවීමට සමාගමට සිදුව ඇති අතර, දිගු කාලයක් වරාය තුළ තිබීමෙන් එහි ප්‍රමිතිය අඩුවී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇති බවද සමාගම පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා පැවසුවේ, ඉරිඟු ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මාස 2.5ක කාලයක් ත්‍රිපෝෂ නිෂ්පාදනය නවතා තිබූ බවයි. එම කටයුතු ජනවාරි 12 වැනිදා යළි ආරම්භ කළ බවත්, බස්නාහිර පළාතට ත්‍රිපෝෂ බෙදාහැර ඇති බවත් ඔහු සඳහන් කළේය. මේ දිනවල නඩත්තු කටයුතු සිදුකෙරෙන අතර, ලබන සතියේ සිට යළි නිෂ්පාදනය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

අවධානයෙන් ඉන්න! කුරුණෑගලෙන් ‘රත්තරං’ කෙනෙක් මතුවෙයි - අහුවුණොත් පොලිසියට දැනුම් දෙන්න

අවධානයෙන් ඉන්න! කුරුණෑගලෙන් ‘රත්තරං’ කෙනෙක් මතුවෙයි - අහුවුණොත් පොලිසියට දැනුම් දෙන්න

වරායේ සිරවී ඇති බඩඉරිඟු තොගය සම්බන්ධයෙන් ආනයන අපනයන ජනරාල් විසින් නිර්දේශ කිහිපයක් සම්බන්ධයෙන් විමසා ඇති බවත්, එය ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම තත්ත්වය ත්‍රිපෂ නිෂ්පාදනයට ගැටලුවක් බවද සඳහන් කළේය.

මෙතෙක් කලක් ඌව සහ මධ්‍යම පළාත්වලට දුම්රිය මගින් ත්‍රිපෝෂ ප්‍රවාහනය කළද, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදාවලින් එම පළාත්වලට ත්‍රිපෝෂ ප්‍රවාහනය කිරීමට නොහැකි වී ඇති බවත්, එයට විකල්ප ක්‍රමයක් සෙවිය යුතු බවත් සභාපති අමල් අත්තනායක මහතා පැවසීය.

අනපේක්ෂිත දේවල්! මේ ලග්න හිමියන් දැඩි අවධානයෙන් ඉන්න

අනපේක්ෂිත දේවල්! මේ ලග්න හිමියන් දැඩි අවධානයෙන් ඉන්න