කෝප් කමිටුව රාජ්‍ය ආයතන 457කට කැඳවීමක්

Report

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) යටතේ අයත් රාජ්‍ය ආයතන 457කට ලිඛිතව කැඳවීමක් සිදුකර ඇති බව එම කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ප්‍රකාශ කර ඇත.

මෙම කැඳවීම ලබන ඔක්තෝබර් 02 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාවක් සඳහා වේ.

මෙම කැඳවීමේ මූලික අරමුණ වන්නේ කෝප් කමිටුවේ කාර්ය භාරය සහ එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කිරීමයි. එමෙන්ම, අදාළ ආයතනවල විගණන කටයුතු සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳ මූලික තොරතුරු ලබා ගැනීම ද මෙහිදී සිදු කිරීමට නියමිතය.

වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම රාජ්‍ය ආයතන 457හි ලේකම්වරුන්ට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දී ඇති බවයි. මෙම සාකච්ඡාව රාජ්‍ය ආයතනවල මූල්‍ය විනය, කාර්යක්ෂමතාව සහ විගණන ක්‍රියාවලියේ ගැටලු හඳුනා ගැනීමට මුලපිරීමක් වනු ඇත. 

එක්සත් රාජධානියේ වැඩ කරන්නනම් ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්යයි

එක්සත් රාජධානියේ වැඩ කරන්නනම් ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්යයි

නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්