පිරිමින්ට වැඩිපුරම හැදෙන භයානක COPD රෝගී තත්වය ගැන ඔබත් දැනුවත් ද?

Sri Lanka Healthy Food Recipes
By Zara Apr 21, 2025 03:30 PM GMT
Zara

Zara

Report

වැඩිපුරම පිරිමින්ට හැදෙන ඇදුම රෝගයට සමාන තවත් පෙනහලු ආශ්‍රිත රෝග ගැන ඔබ දැනගෙන සිටියද? ඒ COPD රෝගී තත්වයයි. හැබැයි සමහර කාන්තාවන්ටත් හැදෙන්නත් පුළුවන්. මොකද මේක හැදෙන්නේ සිගරට්, සුරුට්ටු, බීඩි පාවිච්චි කරන අයට.

මෙහි ප්‍රධානම රෝග ලක්ෂණ

ප්‍රධානම ලක්ෂණය අධික ලෙස සෙම සහ කැස්ස. කැස්ස සහිත COPD රෝගය වැළඳුනොත් කොච්චර ප්‍රතිකාර කළත් සුව කළ නොහැකියි.

සමහරු නම් හිතන්නේ මේක පෙණහලු පිළිකාවක් කියලා. හැබැයි මතක තියාගන්න මේක ඊටත් වඩා භයානකයි. 

මෙම රෝගයට ගොදුරු වන්නන් මිය යන්නේ රෝගය හේතුවෙන් ඇති වන බරපතළ කැස්ස නිසා.

මුලදීම හඳුනාගන්නේ කොහොමද? 

මෙම රෝගය මුල් කාලයේදී හඳුනා ගතහොත් රෝගය වර්ධනය වීමට පෙර සිගරට් පානය නතර කර ආයු කාලය වැඩි කරගත හැකිය. එහෙත් මෙම රෝගයට ගොදුරු වන්නන් මිය යන්නේ රෝගය හේතුවෙන් ඇති වන බරපතළ කැස්ස නිසා මහත් පීඩාවට පත් වෙනවා.

කැස්ස ස්වභාවය 

මෙහිදී ඇති වන්නේ සෙම කැස්ස නෙවෙයි.

මුලදී නතර කළ නොහැකි වියළි කැස්සක් ඇති වෙනවා.

රෝගියා එම කැස්ස තිබියදීත් සිගරට් පානය කළොත් එම වියලි කැස්ස සෙම කැස්සක් බවට පත් වෙනවා. 

එම කැස්සෙන් පසු රෝගියාට ඉතා අපහසු ගතියක් ඇති වන අතර මෙය බොහෝ දෙනා ඇදුම ලෙස සැක කරනවා. හැබැයි ඒ ඇදුම නෙවෙයි.

 මෙම රෝගය බෝ නොවන අතර සිගරට් පානය නිසාම සෑදෙන රෝගයකි.

බෝනොවන රෝගියෙකුට COPD හැදුණොත්,

දියවැඩියාව, හදවත් රෝග, අධිරුධිර පීඩනය වැනි රෝගයකින් හෝ රෝග කිහිපයකින් පෙළෙන කෙනකුට COPD රෝගය වැළඳුනහොත් එය රෝගියාට තවත් බරපතළ වෙනවා.

මේ රෝගීන් පෙණහලු ආශ්‍රිත රෝගවලට ගොදුරු වීමේ සම්භාවිතාව වැඩි. 

ඊට හේතුව බෝ නොවන රෝගයකින් පෙළීම නිසා ප්‍රතිශක්තිය අඩුවීමයි. 

හදවත් රෝග, අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග වලින් පෙළෙන කෙනකු සිගරට් පානය කරයි නම් ඒ පුරුද්ද දිගටම කරගෙන ගියොත් කල් යාමට පෙර COPD රෝගයට ගොදුරු විය හැකිය. 

ඒ නිසා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ, මරණය අතළඟ.

ප්‍රතිකාර මොනවද?

මෙම රෝගය සෑදෙන්නේ දුම්පානය නිසාමයි. ඒ, නිසා මුලින්ම සිගරට් ඇතුළු සියලුම දුම්පාන වර්ග නතර කළ යුතුය. 

බරපතළ වූවන්ගේ ජීවිත බේරා ගැනීමට ඔක්සිජන් තෙරපි ප්‍රතිකාරය ලබාදිය යුතුය.

මෙම ප්‍රතිකාරය දවසට පැය 19ක් වත් ලබා දිය යුතුය. මෙම ප්‍රතිකාරය රජයේ රෝහල්වල නැත. මිල අධිකය. මෙය පෞද්ගලික රෝහල් වලින් ලබා ගත යුතුය.

උද්ධමනයේ වෙනසක් - මොකද්ද මේ වෙනස

උද්ධමනයේ වෙනසක් - මොකද්ද මේ වෙනස

ReeCha