පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් වලින් ලොකු දඩ මුදලක් අය කරගෙන

Report

 පසුගිය වසර තුළ සිදුකළ වැටලීම් වලින්  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය රුපියල් මිලියන 285කට වැඩි දඩ මුදලක් අය කරගෙන තිබේ.

  2025 වසරේ දිවයින පුරා සිදුකළ වැටලීම් 21,000ක ප්‍රමානයක් සඳහා නඩු පවරා මෙම දඩ මුදල් අය කරගෙන ඇති බව වාර්තා වේ .

තවද භාණ්ඩවල නියමිත ප්‍රමිතීන් සහතික කිරීම සඳහා ආහාර සහ ආහාර නොවන නිෂ්පාදන සාම්පල 223ක් පරීක්ෂා කිරීමට අධිකාරිය කටයුතු කර ඇත.

එම අධිකාරිය නිකුත් කළ නිවේදනයක සදහන් වෙන්නේ වානේ කම්බි, පොල්තෙල්, රූපලාවණ්‍ය ද්‍රව්‍ය, සහල්, ටින් මාළු, මිරිස් කුඩු, දියර කිරි, හිසකෙස් වර්ණක, කෝඩියල් සහ සිරප් වර්ග ඒ අතර වන බවයි.

කාන්තාවක් නේ..අගමැතිට ලෝකෙ තියෙන නරකම චෝදනාව කරන බව කියන බිමල්

කාන්තාවක් නේ..අගමැතිට ලෝකෙ තියෙන නරකම චෝදනාව කරන බව කියන බිමල්

ඒ වගේම 1977 පාරිභෝගික පැමිණිලි සේවා අංකය සඳහා පසුගිය වසර තුළ පැමිණිලි 5002ක් ලැබී ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කර තිබේ.

ඉන් සියයට 79කට ආසන්න ප්‍රමානයක් විසදා ඇති බවද එම අධිකාරිය පෙන්වා දෙයි.  

කොරතොට වෙඩි වරුසාව ගැන විස්තර රැසක් එළියට - වෙඩි තියන කොටත් තුන්දෙනා ඉඳලා තියෙන්නේ අවුරුදු සමරන ගමන්

කොරතොට වෙඩි වරුසාව ගැන විස්තර රැසක් එළියට - වෙඩි තියන කොටත් තුන්දෙනා ඉඳලා තියෙන්නේ අවුරුදු සමරන ගමන්