ත්‍රිරෝද රථයක් අනතුරට ලක්කර පලාගිය කොස්තාපල්ගේ වැඩ තහනම්..

By Piyumika Jan 30, 2025 01:00 PM GMT
Report

  බීමත්ව රිය පදවා රත්මලාන ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් අනතුරට ලක්කර පලාගිය පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව පොලීසිය පවසයි.

අනතුරට ලක් වූ එම පොලිස් ජීප් රථය සහ ත්‍රීරෝද රථය එකිනෙක ගැටී අනතුරක් සිදුවන ආකාරයත්, අනතුරුව ජීප් රථය නොනවත්වා ධාවනය කරන ආකාරයත් දැක්වෙන වීඩියෝ පටයක් පසුගියදා සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.

එම සිදුවීම 2025.01.28 වන දින රත්මලාන ප්‍රදේශයේ සිදු වූ සිදුවීමක් බවත්, එදිනම මේ පිළිබඳව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් විමර්ශන සිදුකර ජීප් රථය පැදවූ පොලිස් කොස්තාපල් රියදුරුරා අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.

එහිදී ඔහු බීමතින් රිය ධාවනය කර ඇති බවට තහවුරු වී ඇති අතර, සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. මේ පිළිබඳ ගල්කිස්ස පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.