ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ තත්ත්වය තාමත් බරපතළයි....

Accident Death Srilanka Bus Patient Sinhala news
By Kaushi May 12, 2025 03:52 AM GMT
Kaushi

Kaushi

Report

රටම කම්පා කරමින් කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී සිදු වූ බස් රථ අනතුරින් තුවාල ලැබූ පිරිසෙන් 40කට අධික පිරිසක් තවදුරටත් රෝහල් කිහිපයක රැඳී සිටිමින් නේවාසිකව ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.

ඒ අතරින් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අනාගත ගුරුවරුන් ගැන ඇහෙන අලුත්ම කතාව......

අනාගත ගුරුවරුන් ගැන ඇහෙන අලුත්ම කතාව......

අනතුරින් තුවාල ලැබූ පිරිසේ සුවදුක් විමසීමට ඊයේ (11) දින අග්‍රමාත්‍යවරිය ගම්පොළ රෝහල වෙත පැමිණ ඇත.

පුද්ගලයන් 22 දෙදෙනෙකුට ජීවිත අහිමි කළ මෙම අනතුර සිදු ව තිබුණේ බස් රථය නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ධාවනය වී ප්‍රපාතයකට පෙරළීමෙන්.

අඳාළ බස් රථය කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් වූවක් බව වාර්තා වේ.

මෙහි දී තුවාලකරුවන් අවට රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත් අතර ඒ අතරින් කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් සියලුදෙනා ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

එසේම තවදුරටත් ගම්පොළ ශික්ෂණ රෝහලේ රෝගීන් 22 සහ නාවලපිටිය රෝහලේ රෝගීන් 5 ප්‍රතිකාර ලබන බව සඳහන්.

මේ වන විට රෝගීන් 15 නුවරඑළිය මහ රෝහලේ ද ප්‍රතිකාර ලබමින් පසු වෙන අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ වේ.

ලැජ්ජා හිතෙන අධික ආශාව!

ලැජ්ජා හිතෙන අධික ආශාව!

එසේම බරපතළ තත්ත්වයේ පසුවන රෝගීන් කිහිපදෙනෙකු පේරාදෙණිය සහ මහනුවර යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවට වැඩිදුරටත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

අනතුර සම්බන්ධයෙන් අදහස් පළ කළ අනතුරට පත් බස් රථය අයත් කතරගම ඩිපෝවේ කළමනාකාර, තුසිත චමින්ද මහතා කියා සිටියේ

"බස් රථය නියමිත ආකාරයෙන් හදලා සෑම දිනකම දුරගමන් සේවා බස් රථ පරීක්ෂා කරලා තමයි ධාවනය කරවන්නේ. ඒවගේම හොඳ පළපුරුදු රියදුරු මහත්තයෙක් මේ ගමන්වාරයට යොදවලා තිබුණේ. එයා නියමිත කාලයට පස්වරු 4ට සේවයට ඇවිත් රාත්‍රී 10ට තමයි කතරගමින් ආරම්භ කරන්නේ. දිවා කාලයේ සේවා කරලා නෑ."

ReeCha