එක් වසමක වසර 05 කට වැඩි ග්‍රාම නිලධාරීන්ට ලබන වසරේ සිට සිදු වන දේ මෙන්න.
සියලු ග්‍රාම නිලධාරීන් 2023 ජනවාරි මස පළමුවනදා සිට අනිවාර්යෙන් ස්ථානමාරු කිරීමට යටත් වන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරනවා. \
ඒ අනුව දිස්ත්‍රික් හා අමාත්‍යාංශ අභියාචනා මණ්ඩලවලදී සලකා බලන ලද ස්ථානමාරු නොකිරීමට විශේෂ හේතුවක් ඇති නිලධාරීන් හැරුණු විට, එක් ග්‍රාම නිලධාරි වසමක වසර 05 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ග්‍රාම නිලධාරීන් මීට යටත් වෙනවා .
ඊට අදාළ උපදෙස් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත ලබා දී තිබෙනවා.
එමෙන්ම ලබන 31 වන දිනට වසර 5 ක කාලයක් සම්පූර්ණ කළද වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග නිකුත් කර නොමැති නිලධාරීන් තවදුරටත් ග්‍රාම නිලධාරී වසම්වල සිටී නම් ඔවුන්ට ස්ථාන මාරු නියෝග නිකුත් කරන ලෙස ද අමාත්‍යාංශය විසින් උපදෙස් ලබාදී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |