ග්‍රාම නිලධාරීවරයා ගම්මුන්ට තම බලය පෙන්නපු හැටි..

Report

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යාකබැද්ද ග්‍රාම නිලධාරීවරයා වසමේ පදිංචිකරුවන්ගේ ඡන්ද අයිතිය උදුරාගෙන ඇතැයි ගම්වාසීන් චෝදනා කරනවා.

මේ ඡන්ද කටේ රාජ්‍ය නිලධාරීන් 9 දෙනෙක් කරගෙන තියන දෙයක්..

මේ ඡන්ද කටේ රාජ්‍ය නිලධාරීන් 9 දෙනෙක් කරගෙන තියන දෙයක්..

කාලයක් තිස්සේ ඡන්දය භාවිතා කළ අකුරැස්ස, යාකබැද්ද ග්‍රාම නිලධාරී වසමේ පදිංචි හේවා ගෝන්ගහවත්තගේ චමින්ද ලක්මාල් මහතා, සිය පියා ගෘහ මූලික ලෙස චන්ද හිමි ඉල්ලුම්පත් පුරවා දී ඇතත් පසුව පළිගැනීමක් ලෙස තම නම පමණක් ජන්ද නාම ලේඛනයෙන් ඉවත් කර ඇතැයි ඔහු චෝදනා කරනවා.

මින් අගතියට පත් චමින්ද ලක්මාල් විසින් ග්‍රාම නිලධාරීවරයා හට දුරකථන ඇමතුමක් ලබා දී කරුණු විමසා ඇති බවයි වාර්තා වන්නේ.

අමතක වෙලා එලියට ඇවිත් පොලිසියට මට්ටු වෙලා..

අමතක වෙලා එලියට ඇවිත් පොලිසියට මට්ටු වෙලා..

එහිදී තම අභිමතය පරිදි 2023 නාම ලේඛනයේ තිබූ නම 2024 ඉවත් කරන ලද්දේ; තම බලය පෙන්වීමට බවයි ග්‍රාම නිලධාරීවරයා පවසා ඇත්තේ.

මෙවැනිම සිදුවීමක් එම ප්‍රදේශයේ පදිංචි තවත් කාන්තාවකට අත්වී ඇති බව අප වාර්තාකරු සඳහන් කරනවා.

හිසේ තුවාලයකට රෝහලට ඇතුලත් කරපු රෝගියා මිය ගිය හේතුව ඇහුවොත් ඔයත් බයවෙනවා..

හිසේ තුවාලයකට රෝහලට ඇතුලත් කරපු රෝගියා මිය ගිය හේතුව ඇහුවොත් ඔයත් බයවෙනවා..

එම අසාධාරණයට ලක් වූවන් විසින් එළඹෙන ජනාධිපතිවරණයේ දී සිය ඡනදය ලබා දීමේ මූලික මිනිස් අයිතිවාසිකම සියලුම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම ග්‍රාම නිලධාරීවරයාට විරුද්ධව අකුරැස්ස පොලිසියට පැමිණිලි කළද මෙතෙක් එහි කිසිදු විමර්ශනයක් සිදු වී නැහැ.