කොළඹ මහ නගර සභාවට මිලියන 90ක පොල්ලක්..
By Piyumika
කොළඹ නගරයේ රථ වාහන ගාල් කිරීම සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් හරහා මුදල් එකතු කළ සමාගම මඟින් රුපියල් මිලියන 90 ක මුදලක් කොළඹ මහනගර සභාවට ගෙවා නොමැති බව පැවසේ.
එහි රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල කුලරත්න පැවසුවේ මේ හේතුවෙන් එම කොන්ත්‍රරාත්තුව අත්හිටුවා මේ සම්බන්ධව නීතිමය පියවර ගෙන ඇති බවයි .
එමෙන්ම මෙම ව්‍යාපෘතියේ පවතින අඩුපාඩු හේතුවෙන් ඉදිරි වසර ඇතුළත නව විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.