වසන්ත සමරසිංහ ඒලෙවල්වලින් දිස්ත්‍රික්කේ තුන්වෙනියලු, සුදුසුකම් කියලා බලෙන්ම මාලිමා මන්ත්‍රී අත්පුඩිත් ඉල්ලයි
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා විසින් මීට පෙර වෙළෙඳ අමාත්‍යංශය භාරදී තිබුණේ යල් පැනපු ඔද්දල් වී ගිය වෙළද අමාත්‍යවරයෙකුට බව ප්‍රකාශ කරයි.
එසේ වුවත් මෙවර ඉතිහාසයේ ප්‍රථම වතාවට වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර අමාත්‍යාංශය ලබාදී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරා දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයේ සිටින වසන්ත සමරසිංහ මහතාට බවත් මන්ත්‍රීවරයා පවසා ඇත.
සුනිල් රත්නසිරි මහතා මේ බව සඳහන් කර සිටියේ ජන හමුවක් අමතමින්.
එමෙන්ම ඔහු එසේ කියමින් පවසා ඇත්තේ ඒ වෙලාවට අත්පුඩියක් ගැසිය යුතු බවයි.