ප්‍රථම වතාවට ලංකාවට එන එයා...

Central Bank of Sri Lanka International Monetary Fund Latest Headlines CBSL Sinhala news
By Kaushi Jun 11, 2025 01:57 AM GMT
Kaushi

Kaushi

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පළමු වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවර‍යෙක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ප්‍රකාශ කරයි.

ඒ පසුගිය 2005 වර්ෂයෙන් පසුව‍ වීම විශේෂත්වයක්.

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

මෙසේ පැමිණීමට නියමිත වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් මහත්මියයි.

ඒ මෙම මස 15 සහ 16 යන දෙදින තුළ බව සඳහන්.

ලබන 16 වන දින මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද එකතුවෙන් සංවිධානය කරනු ලබන ‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීම: ණය සහ පාලනය’ යන සමුළුවේ විශේෂ ආරාධිතයකු වශයෙන් ද ඇය සහභාගි වීමට නියමිත බව පවසයි.

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

ඒ අනුව මෙම සමුළුවේදී සාර්ව ආර්ථික ස්ථායිතාව ළඟා කර ගැනීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ පාලනය පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම් සහ ඉදිරි අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

එසේම මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවරිය මෙම සංචාරයේදී මෙරට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සබඳතා සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බවට වාර්තා වේ.

බදාදා රටම අවධානයෙන්! - රනිල් අත්අඩංගුවට.. රටම බලන් ඉන්නෙ..

බදාදා රටම අවධානයෙන්! - රනිල් අත්අඩංගුවට.. රටම බලන් ඉන්නෙ..

ReeCha