මුත්‍රා වල පැහැයෙන් හඳුනාගත හැකි රෝග මොනවද?

By Wayomi Sep 13, 2022 05:35 AM GMT
Wayomi

Wayomi

Report

ඔබ පිටකරන මූත්‍රා වල පැහැය මඟින් ඔබේ ශරීර අභ්‍යතරයේ ඇති සෞඛ්‍යය ගැටලු හඳුනාගන්න පුළුවන් කියලා ඔබ අහලා ඇති. ඉතින් අපි බලමු මූත්‍රා වල පැහැය අනුව ඔබට තියෙන රෝග මොනවද කියලා.

මුත්‍රා වල පාට වෙනස් වෙන්නේ ඇයි ?

🟠 ඖෂධ නිසා

🟠 පානය කරන දියර ප්‍රමාණය අඩු හෝ වැඩි වීම

🟠 රෝගයන් නිසා

🟠 ආහාර වල ඇති වර්ණක  


වතුර වැනි පැහැය (විනිවිද පෙනෙන පැහැදිලි ස්වභාවය)

🧪 සාමාන්‍යයෙන් අධිකව ජලය පානය කරනවා නම් මුත්‍රා අවර්ණ වෙන්න පුළුවන්.

🧪 එමෙන්ම මොළයේ සිදුවන අනතුරක් හෝ වෙනසක් නිසා වකුගඩු ආශ්‍රිතව සිදුවන ආපදාවක් නිසා ඔහු හෝ මුත්‍රා නිෂ්පාදනයේ වැදගත්ම හෝමෝනයක් වන ADH නිෂ්පාදනය නොවීම නිසාත් මුත්‍රා අවර්ණ වීම සිදු වනවා.


තැඹිලි පැහැය

🧪 සිරුර විජලනයට පත්වීම නිසා මූත්‍රා අධික ලෙස සාන්ද්‍රණයට පත් වි මූත්‍රා තද කහ හෝ තැඹිලි පැහැයන් ගැනීම සිදු වෙන්න පුළුවන්. ජලය පානය කිරීමෙන් පැය දෙකකට පමණ පසු මූත්‍රා සාමාන්‍යය පැහැදිලි කහ වර්ණයට හැරී ඇත්දැයි පරීක්ෂාකර බලන්න.

🧪 ඒ වගේ ම ඉඳහිට වෙනවා නම් කැරට් යුෂ පානය කිරීම නිසා සමහර ආහාර වල වර්ණක නිසා හෝ යම්කිසි ඖෂධයක් නිසා හෝ සිදු වෙන්න.

🧪 ඊට අමතරව අක්මාව හෝ පිත්තාශය ආශ්‍රිත රෝගී තත්වයක් නිසා මේ වර්ණය ඇති වෙන්නට පුළුවන් .


නිල් හෝ කොළ පාට

🧪 මුත්‍රාශය, මුත්‍රා මාර්ගය ආශ්‍රිත බැක්ටීරියා ආසාදන නිසා මෙලෙස වෙන්නට පුළුවන්.

🧪 ඊට අමතරව පිත්ත ප්‍රණාල වල ගැටළු විසාදි ගැටලු නිසා ද මේ වගේ පාටක් ඇති විය හැකියි.


ළා දුඹුරු පැහැය

🧪 දිනකට අවශ්‍ය දියර ප්‍රමාණය පානය නොකිරීම නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් .

🧪 ගොඩක් වෙලාවට අධික වියළි හෝ වායු සමීකරණය කළ පරිසයක වැඩි පැය ගණනක් ඉන්න කෙනෙක්ට මේ තත්ත්වය බහුලව දකින්න පුළුවන්.ඒ නිසා වතුර ටිකක් වැඩියෙන් බොන්න.


සුදු පැහැය

🧪 ඉතාමත් දරුණු මුත්‍රා ආසාදනයක දී නිපදවන සැරව නිසා මුත්‍රා සුදු පැහැයට දැකගන්න පුළුවන්.


රෝස සහ රතු පැහැය

🧪 මුත්‍රාශය ආශ්‍රිතව සිදු කළ ශල්‍යකර්මයකට පසුව ඇතිවන ලේ වහනය, මුත්‍රා මාර්ගයේ, වකුගඩු වල ඇති වන මුත්‍රා ගල්, මුත්‍රා ආසාදන, පිළිකා හෝ පිළිකා නොවන ගෙඩි ආදිය නිසා මුත්‍රා රතු පැහැ වෙන්න පුළුවන්.

🧪 ඒ වගේම තැලිසීමියාව සහ රුධිරය ආශ්‍රිත රෝග තත්ත්වලදී මෙය විය හැකියි.


අවපැහැවූ පිදුරුවල කහ පැහැය,විනිවිද පෙනෙන සුලු කහ පැහැය,තද කහ පැහැය

🧪 ඔබට කිසිසේත්ම බියවීමට කාරණාවක් නැහැ.

🧪 ලා රත්‍රන් පැහැය (pale gold) මුත්‍රා පිටවිය යුතු සාමාන්‍යය වර්ණය ලෙස සලකනවා.

🧪 එම පැහැයෙන් මූත්‍රා පිටවීම ඔබේ සිරුර සජලතාව හා විජලනය අතර මනාව සමබරතාවක් පවත්වාගෙන යන බව පෙන්නුම් කරනවා.

🧪 අධිකව සාන්ද්‍රණයට ලක් වූ මූත්‍රා පිටවීමෙන් බොහෝ දුරට අදහස් වන්නේ ඔබේ සිරුරට ජලය ප්‍රමාණවත්ව නොලැබෙන බවයි.

🧪 ලෙමන් යුෂ පැහැයෙන් මූත්‍රා පිටවීම නීරෝගි බවේ ලක්ෂණයකි.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW


ReeCha