කොළඹ කොටුවෙන් පිටත්වන මේ දුම්රිය ගමනාන්තය පිළිබඳව විශේෂ නිවේදනයක්
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට තලෙයිමන්නාරම දක්වා ගමන් ගන්නා දුම්රිය සේවාව අද (24) දිනයේ සිට නැවත ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අද පස්වරු 3.50ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය තලෙයිමන්නාරම දක්වා ධාවනය වන අතර, හෙට (25) උදෑසන 04.10ට තලෙයිමන්නාරමේ සිට නැවත කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබේ.
පසුගිය වසරේ ඇති වූ දිට්වා සුළි කුණාටු තත්ත්වයත් සමඟ දුම්රිය මාර්ගයට හානි සිදු වීම නිසා, එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා තිබුණි.
කෙසේ වෙතත්, අදාළ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති අතර, ඒ අනුව අද දිනයේ සිට කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම දක්වාත්, තලෙයිමන්නාරමේ සිට කොළඹ කොටුව දක්වාත් දිනපතා දුම්රිය ධාවනය සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.