මන්ත්රී අර්ච්චුනාට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි
By Malith Madushan
යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අර්ච්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (24) පියවර ගෙන තිබේ.
මන්ත්රීවරයාට එරෙහිව කොටුව මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන, කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මන්ත්රීවරයා අධිකරණයට පැමිණ නොසිටි අතර, ඔහු වෙනුවෙන් ඇප ලබාදී සිටි ඇපකරුවන්ද අධිකරණයේ පෙනී නොසිටි බව වාර්තා වේ. ඒ අනුව, නඩු කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා කොටුව මහේස්ත්රාත් අධිකරණය මන්ත්රී අර්ච්චුනා රාමනාදන් මහතාට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇත.