කොළඹ කොටස් උඩ යයි - වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 7.4 ක්
කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (29) දිනය අවසානයේදී ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත.
එබැවින් අද දින ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 111.57 කින් (0.50% කින්) ඉහළ ගොස් තිබුණා.
එය 22,310.80 ක් වශයෙන් සටහන් විය.
එමෙන්ම දිනය තුළ වාර්තා වූ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 7.4 ක් වශයෙන් සටහන් විය.