අස්වැසුම ලාභීන්ට සුබ පණිවිඩයක්- අස්වැසුම අද සිට බැංකු ගිණුම්වලට
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ අරමුදල යෝජනා ක්‍රමයේ පලමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා අදාළ මුදල් අද (29) දිනයේ ගිණුම්වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කර තිබේ .
මැයි මාසය සඳහා වැඩිහිටි දීමනා ලෙස මෙම පිරිසට රුපියල් තුන්සිය දොලොස් කෝටි පනස් හය ලක්ෂයක් ගිණුම්වලට බැර කරනු ලබයි.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කරන්නේ එහි දෙවන අදියරේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් හැත්තෑ තුන් දහස් හයසිය හැට තුන් දෙනෙකුට මැය මාසය සඳහා වැඩිහිටි දීමනාව ලෙස රුපියල් තිස්හය කෝටි අසූ තුන් ලක්ෂ පහලොස් දහසක් බැංකු ගිණුම්වෙත බැර කෙරෙන බවයි .
මෙම ප්‍රතිලාභීන්ට තම ප්‍රතිලාභී දීමනාව අද සිට තම අස්වැසුම ප්‍රතිලාභී ගිණුම මගින් ලබා ගැනීමේ හැකියාව ඇත.