කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (24) දිනයේදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක 706.26 කින් ඉහළ ගොස් තිබේ.
මෙරට ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ ආයෝජකයින් තුළ ඇති වී තිබෙන සුබවාදී බලාපොරොත්තු මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව වෙළඳපොළ විචාරකයෝ පවසති.
අද දිනයේ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,071.23ක් ලෙස සටහන් වූ අතර, එය මෑත කාලීනව වාර්තා වූ ඉහළම අගයන්ගෙන් එකකි.