'අක්වාන්' ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වෙයි- කාලගුණයෙන් හදිසි රතු අනතුරු ඇඟවීමක්

Report

බෙංගාල බොක්කේ බටහිර-මධ්‍යම ගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය, මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

බෙංගාල බොක්කේ දකුණු සහ ඊට යාබද බටහිර-මධ්‍යම ප්‍රදේශයේ පැවති 'අක්වාන්' (Akvan) සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වෙමින් ප්‍රබල සුළි කුණාටුවක් (Severe Cyclonic Storm) බවට පත්වීම හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

අද (18) පෙරවරු 5.30 පමණ වන විට සුළි කුණාටුව ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 650ක් පමණ දුරින්, උතුරු අක්ෂාංශ 12.7° සහ නැගෙනහිර දේශාංශ 85.5° ආසන්නයේ කේන්ද්‍රගතව පැවති බව කාලගුණ වාර්තාවල දැක්වේ.

එය උතුරු-වයඹ දෙසට ගමන් කරමින් පවතින අතර, නොවැම්බර් 20 වැනිදා පෙරවරු 11.30 පමණ වන විට ඉන්දියාවේ නෙලෝර් (Nellore) සහ විශාකාපට්ටනම් (Visakhapatnam) අතරින් ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරයට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව, උතුරු අක්ෂාංශ 06°ත් 20°ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80°ත් 95°ත් අතර පිහිටි ගැඹුරු මුහුදු ප්‍රදේශවලට මෙන්ම, කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දී තිබේ.

එමෙන්ම, දැනටමත් අදාළ මුහුදු ප්‍රදේශවල රැඳී සිටින ධීවර හා නාවික ප්‍රජාව හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙස ද උපදෙස් ලබා දී ඇත.

පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවට වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකාව කළඹපු කාලගුණය අද මඳක් සන්සුන් - උදෑසන 05.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනයක්

ලංකාව කළඹපු කාලගුණය අද මඳක් සන්සුන් - උදෑසන 05.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනයක්

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

5 ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වේ- ඔබේ දරුවාට ලැබුණු පාසල දැන්ම ඔන්ලයින් පරීක්ෂා කරගන්න – නිල වෙබ් අඩවිය මෙන්න

GalleryGallery