දරුණු කඩාවැටීමකට පසු කොටස් වෙළෙඳපොළට අද වෙච්චදේ!

Report

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු යෝජනා හමුවේ ගෝලීය කොටස් වෙළෙඳපොළ පහත වැටුණු පසුබිමක, පසුගිය දින තුන පුරාවට දැඩි පසුබෑමකට ලක් වූ කොළඹ කොටස් වෙළෙඳපොළ අද (08) දිනයේදී සැලකිය යුතු වර්ධනයක් පෙන්වා දුන්නේය.

ඒ අනුව, අද (08) දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 467.26කින් ඉහළ ගිය අතර, ඊයේ (07) දිනයේදී ඒකක 15,000 සීමාවෙන් පහළට පැමිණි එම දර්ශකය අද (08) දිනයේදී නැවතත් එම සීමාව ඉක්මවා ගියේය.

පෞද්ගලික අංශ සේවක වැටුප් සම්බන්ධයෙන් මෙන්න විශේෂ දැනුම්දීමක්!

පෞද්ගලික අංශ සේවක වැටුප් සම්බන්ධයෙන් මෙන්න විශේෂ දැනුම්දීමක්!

දිනය අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,127.71ක් ලෙස වාර්තා විය.

 අද දින රුපියල් බිලියන 2.89ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර, පසුගිය දින තුන තුළ කොටස් වෙළෙඳපොළේ ඇති වූ කඩාවැටීම නිසා රුපියල් බිලියන 435කින් කොළඹ කොටස් වෙළෙඳපොළේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අඩුවී තිබුණි.

දැනට රටේ තියෙන ඉන්ධන තොග ප්‍රමාණවත්ද? - මාස 6ක කාලයකට පෙට්‍රල් මිලදී ගැනීම ගැන රජයේ ස්ථාවරය මෙන්න!

දැනට රටේ තියෙන ඉන්ධන තොග ප්‍රමාණවත්ද? - මාස 6ක කාලයකට පෙට්‍රල් මිලදී ගැනීම ගැන රජයේ ස්ථාවරය මෙන්න!